අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    22 වන ආසියානු මළල ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි

    ජූනි 15, 2017

    ක්‍රීඩා අමාත්‍ය්‍ය ගරු දයාසිරි ජයසේකර මහතා විසින් ආසියානු මළල ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(14) දින හමුවිය.

    ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම මේවන විට කොළඹ 07 ටොරින්ටන් ක්‍රීඩාංගනයේ පුහුණුවීම් ආරම්භ කර ඇති අතර උදෑසන පුහුණු සැසිය අතරතුරදී මෙම හමුව සිදුවිය.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරුවන් ඇතුළු සෙසු නිලධාරීන් ද මෙම හමුව සඳහා සහභාගි විය. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් මුහුණු දෙන ගැටළු ඍජුවම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවිය.

    ආහාර පාන, පෝෂණ දීමනා ආදී ප්‍රශ්න එහිදි අමාත්‍යවරයා වෙත ඉදිරිපත් වූ අතර අමාත්‍යවරයා විසින් ඒ මොහොතේදීම අදාළ නිලධාරීන් සම්බන්ධ කරගෙන එම ගැටළු නිරාකාරණයට අවශ්‍ය පියවර ගනු ලැබීය.

    ජුලි මස 06 වනදා සිට 09 වන දක්වා ඉන්දියාවේ බුබනේෂ්වර් ක්‍රීඩාංගණයේ මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත අතර ජුනි මස අග ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දිනපතා උදෑසන ශරර සුවතාව සඳහා පාපැදි ධාවනයේ යෙදන අතර මෙම හමුව සිදුවූයේද එම කාලය අතරතුරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya