මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම සම්බන්ධ වාණිජ ගිවිසුම අත්සන් කෙරේ

    පෙබරවාරි 28, 2017

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ විශේෂ ඉල්ලීමක් මත රදැල්ල ක්‍රීඩා පිටිය, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඉහළ උන්නතාංශ සහිත හොද ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස වැඩි දියුණු කරන බව ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

    ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,  ඊයේ (27) දින ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති නුවරඑළිය ඉහ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම සම්බන්ධ වාණිජ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.

    අමාත්‍යවරයා එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, විශේෂයෙන් නුවරඑළිය තුරඟ තරඟ පිටිය ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය තුරඟ තරඟ සදහා බාධාවක් නොවන අයුරින් සිදු කෙරෙනවා. හැමදාමත් අපි කතා කරන ක්‍රීඩා ආර්ථිකයක් හා ක්‍රීඩාවෙන් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ ක්‍රමවේදය මෙයින් ඇති වෙන බව අපි විශ්වාස කරනවා.

    ඉහළ උන්නතාංශ දේශගුණයක් සහිත ක්‍රීඩා පුහුණුවීමේ මධ්‍යස්ථානයක අඩුවක් අවුරුදු ගණනාවක සිට අපිට  තිබුණා. ලංකාවේ පළමු වතාවට ඉදිවෙන නුවරඑළිය ඉහළ උන්නතාංශ සහිත ක්‍රීඩාංගණය මගින් අද එය සම්පූර්ණ වෙනවා. සියළුම පහසුකම් සහිතව ඉදිවෙන ආසියාවේ 4 වෙනි ක්‍රීඩාංගණය බවට මෙය පත් වෙනවා. චීනයේ මෙවැනි මධ්‍යස්ථාන දෙකකුත්, ජපානයේ එකකුත් තිබෙනවා. ශ්‍රී ලංකාවේ හදන මෙම පුහුණු මධ්‍යස්ථානය 04 වෙනි එක බවට පත් වෙනවා. ජුනි මාසේ මුල මෙම ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයේ වැඩ ආරම්භකර වසර 03 ක් ඇතුළත මෙහි වැඩ නිමකරන්න බලාපොරොත්තු වෙනවා.

    අද අත්සන් තබනු ලැබූ ගිවිසුම ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් ක්‍රීඩාඅමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී.දිසානායක මහතා හා ප්‍රංශයේ ඉලිප්ස් ප්‍රොජෙක්ට් සමාගමේ (Elilips Project SAS) සභාපති පිකාර්ඩ් ඔලිවියර් මහතා (Mr.Picard Olivier) සමග සිදුවුණා.

     

    මෙම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන්න මම දෙපලටම සුභ පතනවා. ලංකාවේ ක්‍රීඩාවන් 14 කට පමණ මෙම ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය භාවිතා කරන්න පුළුවන්. ඔවුන්ගේ ශක්තිය (Endurance) වැඩි දියුණු කර ගැනීම සදහා අපිට මෙය අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. ශීත දේශගුණික තත්වයන් තුළ ක්‍රීඩාව කරන විට අපිට අපේ හෘද ස්පන්ධන වේගය සම්බන්ධ විශාල ගැටලු තිබෙනවා. ඒ ප්‍රශ්න ගැටළු අලුතින් ඉදිවෙන් මෙම පුහුණු මධ්‍යස්ථානය හරහා විසදාගෙන අපේ ක්‍රීඩකයින්ට ඉතා ඉහළ දක්ෂතා පෙන්වීමේ හැකියාව ලැබෙනවා. බොහෝ දුෂ්කරතා මත අද වෙනකොට බදුල්ල, බණ්ඩාරවෙල ක්‍රීඩාංගණවල තමයි අපේ ක්‍රීඩකයින් පුහුණුවීම් කටයුතු සිදු කරන්නේ.

    විදේශයන්හි මෙවැනි පුහුණු මධ්‍යස්ථනයක සති 03 ක, සති 06 ක කාල වකවානුවක් වෙනුවෙන් පුහුණුවීම් කටයුතු කිරීමට ඩොලර් 10,000 ත් 25,000 ත් අතර ප්‍රමාණයක් වැය වෙනවා.  පළමුව අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශක්තිමත් කරන ගමන් අපි බලාපොරොත්තු වෙනවා විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මෙම ක්‍රීඩාංගණය පුහුණුවීම් කටයුතු සදහා මුදල් අය කර ලබා දීමට. එමගින් මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට යන මුදල හා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට ගෙන ඒම බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘතියට සමගාමීව කෘතිම ධාවනපත දෙකක් වෙනම ලංකාව තුළ සෑදීමට මෙමගින් මුදල් වෙන් කරලා තියෙන්නේ. මෙම ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයේ ඉදිවෙන කෘතිම ධාවන පත දෙකට අමතරව ලංකාවේ පළාත් දෙකක අනෙක් කෘතිම ධාවන පත දෙක ඉදිවෙනවා.

    කිසිදු පරිසර හානියක් නොවන අයුරින්, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය හා අනෙකුත් රාජ්‍ය ආයතන වලින් ලැබෙන උපදෙස් හා නීති රෙගුලාසි මත තමයි මේ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය ඉදිවෙන්නේ . මේ සදහා අපි රුපියල් මිලියන 12,000 ක් ඉදිරි අවුරුදු 03 ඇතුලත වියදම් කරනවා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතුව ප්‍රංශයේ ඉලිප්ස් ප්‍රොජෙක්ට් සමාගමේ (Elilips Project SAS) මුල්‍ය ශක්තියෙන් මෙම පුහුණු මධ්‍යස්ථානය ඉදිවෙනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya