අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    XL වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මල්ලව පොර පිරිමි තරගාවලිය

    ජූනි 16, 2014

    XL වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මල්ලව පොර පිරිමි තරගාවලිය පසුගිය දෙදින තුළ නුවරඑළිය නගර ශාලාවේ ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 


    දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 100කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී වී සිටි අතර බර පන්ති 11ක් යටතේ තරගාවලිය සංවිධානය කොට තිබිණ.

     

    ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් පැවති මෙම මල්ලව පොර තරගාවලියේ සම්බන්ධීකරණ දායකත්වය නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රීඩා අංශය විසින් සපයන ලදී. ජාතික මල්ලව පොර තරගාවලියක් නුවරඑළියේ පැවැත් වූ පළමු අවස්ථාව මෙයයි. 

     

    තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඌව පළාත නියෝජනය කරමින් කිලෝ ග්රෑම් 40 - 43 බර පන්තියෙන් තරග කළ ඒ.ජී. පුෂ්ප කුමාර ක්‍රීඩකයා තේරී පත් විය. රන් පදක්කම් 06ක් දිනා ගනිමින් බස්නාහිර පළාත මේ තරගාවලියේ ශූරතාව දිනාගත් අතර රන් පදක්කම් 02ක් දිනා ගත් ඌව පළාත අනුශූරතාව හිමි කර ගත්තේය.

    ජයග්‍රාහකයන්ට සහතික සහ පදක්කම් ප්‍රදානය කිරීම ක්‍රීඩා අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී වීරසිංහ අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මේ සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතා ඇතුළු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරු සහභාගී වී සිටියහ.

     

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya