අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් 05 දෙනෙකුට නෙදර්ලන්තයේ සිරදඬුවම්

    ජූනි 16, 2014
    එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන් 05 දෙනෙකුට නෙදර්ලන්ත අධිකරණයක් මඟින් සිර දඬුවම් නියම කර ඇත.


    සංවිධානයට මුදල් එක්රැස් කිරීම සහ ප්‍රචාරක කටයුතුවල නිරතවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මේ පිරිස නෙදර්ලන්තයේ හේග් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. එහිදී වරදකරුවන් වූ නිසා මොවුන්ට සිර දඬුවම් නියමකර තිබේ.

     

    වසර 02 සිට 06 දක්වා කාලයක් මොවුන්ට සිර දඬුවම් නියමකර ඇත. පසුගිය 2003 වසරේ සිට 2010 වසර දක්වා මොවුන් ඍජුව එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

    ඔවුන් නෙදර්ලන්තය මුලික කර ගනිමින් සිදු කළ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම්වල නායකයන් ලෙසද කටයුතු කර ඇති බව සඳහන් වෙයි. එල්.ටී.ටී.ඊ. ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ද මොවුන්ට චෝදනා එල්ලවී තිබුණි. කෙසේ වෙතත් මේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට ද නියමිත බව සඳහන් වෙයි. 


    මෙවැනි ත්‍රස්තවාදී සාමාජිකයන් පසුගිය කාලයේ ද අත් අඩංගුවට ගැනීමට නෙදර්ලන්ත ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙන අතර තවදුරටත් එවැනි පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුම් ආරම්භකර තිබෙන බවද වාර්තා වෙයි.

     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya