මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත් පන්දු ක්‍රීඩාව ජාතික ක්‍රීඩා උළෙලට එක් වෙයි

    සැප්තැම්බර් 20, 2016
    2016/09/15 සිට 17 දක්වා ටොරින්ටන් ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ ජාතික මහා ක්‍රීඩා උළෙලේ අත්පන්දු පිරිමි තරඟ ඉසව්වෙන් බස්නාහිර පළාත ශූරතාවය දිනා ගත් අතර අනුශූරතාවය මධ්‍යම පළාත ද තෙවන ස්ථානය දකුණු පළාත ද දිනා ගන්නා ලදි.කාන්තා අත්පන්දු තරග ඉසව්වෙන් බස්නාහිර පළාත ශූරතාවය දිනා ගත් අතර අනුශූරතාවය මධ්‍යම පළාත ද තෙවන ස්ථානය වයඹ පළාත ද දිනා ගන්නා ලදි.
    අත්පන්දු පිරිමි තරග ඉසව්වේ දක්ෂතම ක්‍රීඩකයා බස්නාහිර පළාතේ කේ.ඩී.පී කුමාර වන අතර අත්පන්දු කාන්තා තරඟ ඉසව්වේ දක්ෂතම ක්‍රීඩිකාව බස්නාහිර පළාතේ එච්.ඒ රුවනි දිනූෂිකා හෙට්ටි ආරච්චි ක්‍රීඩිකාව විසින් දිනා ගන්නා ලදි.
     
    අත්පන්දු ක්‍රීඩා ඉසව්ව ප්‍රථම වතාවට මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට එක් කොට ඇත. අත්පන්දු ක්‍රීඩා පිරිමි තරඟ ඉසව්ව සදහා පළාත් නවයම සහභාගී වූ අතර කාන්තා තරඟය සදහා ඌව පළාත හැර අනිකුත් පළාත් අටම සහභාගී වී ඇත.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya