අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයේ දී

    සැප්තැම්බර් 17, 2016
    කුරුණෑගල දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල  මේ මස  17,18 යන දිනයන්හි කුරුණෑගල වෙලගෙදර ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
    කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ප්‍රථම වරට සංවිධානය කරන මෙම ක්‍රීඩා උත්සවයෙහි  සමාරම්භක අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ  30 ක සහ වයඹ පළාත් සභා  රාජ්‍ය නිලධාරීන් 6,000 ක් පමණ සහභාගී වීමට නියමිත බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතා පැවසීය. 
     
    සමාරම්භක උත්සවය විචිත්‍රවත් කරමින් අංගම් පොර සංදර්ශනයක් ද පැවැත්වෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
    මීට සමගාමීව පැවැති කණ්ඩාම් තරඟ සියල්ල මේ වන විට අවසන් අතර මලල ක්‍රීඩා තරඟ 17 සහ 18 දින පැවැත්වේ. මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක  යන මහත්වරුන් ඇතුඵ දේශපාලනඥයින් රැසක් සහභාගී වීමට  නියමිත බවද  ඉලංගරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
     
    AP/DMU-Kurunegala
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya