අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩකයන් සංචිත ගත කිරීමේදි සංචිත වර්ග 3ක්

    සැප්තැම්බර් 02, 2016
     
     
    2017 තරුණ ක්‍රීඩා උළෙලත් 2018 ආසියානු ක්‍රිඩා උළෙල සඳහාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කනිෂ්ඨ සහ ජේෂ්ඨ වශයෙන් සංචිතගත කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා උපදෙස් ලබා දී ඇත.
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී ය. 
     
    මෙහිදි පෙර පැවති ක්‍රමයට වඩා එක් ක්‍රීඩයෙකු වැඩිපුර එනම් තිදෙනෙකු එක් ක්‍රිඩා ඉසව්වක් සදහා තෝරාගන්නා ලෙස අමාත්‍යවරයා පැවසීය. ධාවන තරඟ සඳහා ඉදිරිපත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනම සංචිත ගත කිරීමට ද උපදෙස් දෙන ලදි .
     
    දකුණු ආසියානු කණිෂ්ඨ ශුරතාවලිය සදහා තෝරා ගෙන ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 68 ක් වන අතර පුහුණකරුවන් 30 දෙනෙකු මොවුන්ට පුහුණු කිරීම් සිදු කරයි. එමෙන්ම මෙම  ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ආහාරපාන සහ අනිකුත් වියදම් සදහා රුපියල් 10,000ක දිමනාවක් ලබා දිමටත්, පුහුණුකරුවන් හට මාසිකව රුපියල් 25,000 බැගින් ලබා දීමටත් ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් හට අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. මෙම දිමනා ලබා දෙන්නේ ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා ශක්ති අරමුදලෙනි.
     
    ක්‍රීඩකයන් සංචිත ගත කිරිමේදි සුපිරි සංචිත, ආසියානු සංචිත හා ජාතික සංචිත ලෙසත් සංචිත  වර්ග 3ක් නිර්මාණය කරන අතර මේ සදහා ක්‍රීඩකයින් වර්ග කරනුයේ ඔවුන් ලබා ගත් පාරිසාධිත මට්ටම් අනුවයි. ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා උපදේශිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙම සංචිත භාර කළමණාකාරිනිය ලෙස ක්‍රිඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලදි. එක් එක් මලල ක්‍රීඩාව සඳහා අවශ්‍ය  විදෙස් පුහුණුකරුවන් සොයා බලා නම් කර  ක්‍රීඩා අමාත්‍යතුමාට දන්වන ලෙස මලල ක්‍රීඩා සංගමයේ සභාපති වන සුගත් තිලකරත්න මහතාට අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදී. තවද මෙම පුහුණුකරුවන් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මෙරටට ගෙන්වා ඔවුන්ගේ සේවය මෙරටට ලබා ගැනීමට හැකි බව අමාත්‍යවරයා  වැඩිදුරටත්  පැවසීය.
     
    ක්‍රීඩා අමාත්‍යාංශය රටවල් 09 ක් සමග අවබෝධතා ගිවිසුම් 09 ක් අත්සන් කර ඇති අතර මේ රටවල්වල පුහුණුකරුවන්ගේ සහය ලබා ගැනීමට ද  නියමිතය.
     
    ලංකාවේ විවිධ ක්‍රීඩාවන් සම්බන්ධව පුහුණුකරුවන් සිටින අතර ඔවුන් පෞද්ගලිකව ද පුහුණු කටයුතු සිදුකරනු ලබයි. එබැවින් මෙම පුහුණුකරුවන්ගේ තත්වය සොයා බලා වර්ගීකරණය කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවට ඇමතිවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී. 
     
    AP 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya