අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2017 වර්ෂය සඳහා ක්‍රීඩා දින පොතක්

    සැප්තැම්බර් 02, 2016
    සෑම ක්‍රීඩා ඉසව්වක්ම ආවරණය වන පරිදි පාසල් ක්‍රීඩා ජාතික ක්‍රීඩා මෙන්ම දකුණු ආසියානු, ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලීය, ඔලිම්පික් ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩා ද ඇතුළත් ක්‍රීඩා දිනපොතක් එලඹෙන 2017 වර්ෂය සඳහා නිර්මාණය කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.
    ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මේ බව ප්‍රකාශ කරන ලද්දේ ක්‍රීඩා පනත සංශෝධනය කිරීම පිළිබඳ ක්‍රීඩා නිලධාරීන් සමග ක්‍රීඩා අමාත්‍යාංශ කාර්යාලයේදී පසුගියදා සිදු කළ විශේෂ සාකච්ඡාවකදී ය.
     
    මේ කටයුත්ත ක්‍රීඩා අමාත්‍යාංශය මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අනුබද්ධ ආයතන ද ඒකාබද්ධව සිදු කිරීමට සැලසුම් කොට ඇත.      
     
    මෙම කටයුත්ත සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ, අධ්‍යාපන අමාත්‍යාංශ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළත් වන පරිදි කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දෙන ලදී. මෙම ක්‍රීඩා දිනපොත නිර්මාණය කිරීමේ කටයුතු 2016.12.31 වන දිනට පෙර අවසන් කළ යුතු බව ද අමාත්‍යවරයා එහිදී දන්වා සිටියේය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya