මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජී 20 නායක සමුළුව චීනයේදී ඇරඹේ

    සැප්තැම්බර් 04, 2016

    ජී 20 නායක සමුළුව චීන ජනාධිපති ෂී චින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් චීනයේ හාං චෞ නගරයේ දී ආරම්භ වෙයි.

    නිර්මාණාත්මක,  ප්‍රාණවත්,  අන්තර්සබැඳි, සමානාත්මතාවයෙන් යුතු ලෝක ආර්ථිකය ගොඩනැගීම මෙවර දෙදින සමුඵවේ තේමාවයි.

    ජී 20 සමූහය ලෝකයේ ප්‍රධාන ආර්ථික ඒකකයන්ගෙන් සමන්විතය. ජගත් සමජය මෙවර චීන හාං චෞ සමුළුව කෙරෙහි විශ්ව අපේක්ෂාවක් ඇති බව චීන ජනාධිපති ෂී චින් පිං මහතා පෙන්වා දෙයි.

    වත්මන් ලෝක අභියෝගවලට මුහුණ දීම සඳහා  සර්ව දර්ශීය ආර්ථික ප්‍රතිපත්ති සැලසීම ශක්තිමත් කරමින් ගෝලීය ආර්ථික සංවර්ධනය පොදුවේ ප්‍රවර්ධනය කළ යුතු බව චීනයේ හාං චෞ නගරයේදී ඇරඹි G 20 නායක සමුළුව අමතමින් චීන ජනාධිපති ෂී චින් පිං මහතා අවධාරණය කළේ ය.

    ගෝලීය ආර්ථික පරිපාලනය යහපත් කරමින් පද්ධති ආරක්ෂාව තහවුරු කර ගත යුතුය. විවෘත ලෝක ආර්ථිකය පවත්වා වෙළඳ හා ආයෝජන නිදහස්කරණය පුළුල් කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කළේ ය. මේ අතර G 20 නායක සමුළුවට සහභාගී වීමට පැමිණි ඇමරිකාව, රුසියාව, ඉන්දියාව ඇතුළු රටවල් රැසක නායක‍යෝ චීන ජනාධිපතිවරයා හමුවී ද්විපා‍ර්ශවික‍ මෙන්ම ගෝලීය වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා කළහ.‍‍

    CRI News

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya