අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් සුභ පැතුම්

    අගෝස්තු 25, 2016
    රජයක් විදිහට ජාත්‍යන්තරේට යන්න පුළුවන් සෑම ක්‍රීඩාවක් සදහාම අපි උදව් කරන්න අවශ්‍යයි.  ඒ විදියට උදව් කලොත් තමයි ක්‍රීඩාවේ හොද ප්‍රගතියක් ලබන්න අපිට පුළුවන් යැයි ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් තරගාවලියේදී අනුශූරතාවලිය ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුභ පැතීමේ අවස්ථාවට එක් වූ අවස්ථාවේදීය.
     
    අමාත්‍යවරයා එහිදී අදහස් දක්වමින් චෙස් ක්‍රීඩාව ලංකාවේ මහා දැවැන්ත ප්‍රසිද්ධ ක්‍රීඩාවක් නොවුනට එහි තිබෙන වටිනාකම හා ජයග්‍රහණවලින් රටට තිබෙන වටිනාකම පිළිබද අවධානය යොමු කර නැවත හිතන්න ආණ්ඩුවක් විදියට අපි කටයුතු කරනවා. ක්‍රීඩා අමාත්‍යාංශය විදියට අපි 2016 වර්ෂයේ සෑම ක්‍රීඩාවකටම අපිට දෙන්න පුළුවන් සහයෝගය දුන්නා. පසුගිය කාල වකවානුවේ 2015 මම එනකොට අපි ගාව ලියාපදිංචි වෙලා හිටපු සෑම ක්‍රීඩා සංගමයකටම අපි සහයෝගය දුන්නා. පෙර සුපුරුදු විදියට එක ක්‍රීඩාවක් දෙකක් වෙනුවට මහන්සි වුන ක්‍රීඩා අමාත්‍යාංශයක් වෙනුවට සෑම ක්‍රීඩාවටම සහයෝගය දෙන ක්‍රීඩා අමාත්‍යාංශයක් ගොඩ නැගුවා. බොහෝ දෙනෙක් නොදැන සිටිය රෝද සපත්තු ක්‍රීඩාවේ ඉදලා අවශ්‍ය භාණ්ඩ ටික අරන් දෙන්න කටයුතු කලා. මම ඒකෙන් අදහස්  කලේ  මළල ක්‍රීඩාවේ සිට ක්‍රිකට්,රගර්,ෆුට්බෝල් යන ප්‍රසිද්ධ ක්‍රීඩා දක්වා අපි සමසේ උදව් උපකාර කලා. ආණ්ඩුවක් විදියට අපි විශ්වාස කරනවා ජාත්‍යන්තරේට යන්න පුළුවන් සෑම ක්‍රීඩාවක් සදහා අපි උදව් කරන්න අවශ්‍යයි. ඒ විදියට උදව් කලොත් තමයි ක්‍රීඩාවේ හොද ප්‍රගතියක් ලබන්න අපිට පුළුවන් වෙන්නේ. 
     
    අපි මේ වන විට සෑම සංගමයකටම කියලා තියෙනවා 2017 වසරේ ඒ ඒ වියදම් පිළිබද සැළැස්මක්,වාර්ථාවක් දෙන්න කියලා සංගමයක් විදියට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. අපි ඉදිරියේදී විශේෂ අරමුදලක් සකස් කරගන්න බලාපොරොත්තු වෙනවා විවිධ ක්‍රීඩා වලට උදව් උපකාර කිරීම සදහා.උදාහරණයක් විදියට ගත්තොත් ජාත්‍යන්තරව පැවැත්වෙන වැදගත් ක්‍රීඩා තරගාවලියක් සදහා සහභාගී විමට අවශ්‍යතාවය ආවොත් මීට පෙර අම්මලා, තාත්තලාගෙන් තමයි උදව් උපකාර ගත්තේ. ක්‍රීඩා අමාත්‍යාංශය විදියට ඉදිරියේදී සෑම ක්‍රීඩාවක් සදහාම අන්තර්ජාතික තරගාවලි සදහා සහභාගී වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශක්තියක් වෙන්න තමයි මම මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න අදහස් කලේ.
     
    ජාතික මහා ක්‍රීඩා උළෙල සදහා මේ වසරේ තවත් අලුතින් ක්‍රීඩා පහක් අපි ඇතුලත් කලා. එයින් අදහස් කලේ ලංකාව තුල පවතින ක්‍රීඩා උළෙලට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රීඩා ඇතුලත් වෙන්නේ නැත්නම් කොහොමද ඒ ක්‍රීඩාව දියුණු වෙන්නේ කියන එක තමයි මට කල්පනා වුනේ. මොකද හේතුව සෑම ක්‍රීඩාවක්ම ජාතික තලයෙන් ජාත්‍යන්තරයට යන විට ජාතික වශයෙන් පිළිගැනීමක් තියෙන්න ඕනෑ. ඉදිරියේදී සෑම ක්‍රීඩාවක් සදහාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමින්, ජාතික මට්ටමට දියුණු කරන්න පුළුවන් වැඩපිළිවෙල සංගම් සදහා හදුන්වලා දීලා තියෙන්නේ. සෑම ක්‍රීඩා සංගමයකටම වගකීමක් තියෙනවා මේ ජාතික මහා ක්‍රීඩා උළෙලට වඩා ඊලග වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙල සදහා සෑම පළාතෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් කිරීමට. ඒ සදහා අවශ්‍ය කටයුතු දැන්ම ඉදලා ප්‍රාදේශීය ලේකම් මට්ටමින් ආරම්භ කල යුතුයි.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya