අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 82ක විශිෂ්ට ජයක්

    අගෝස්තු 25, 2016
    සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය ඊයේ (24) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එහිදී සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරදා ලකුණු 82ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
     
    පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.5දී සියලුදෙනා දැවී ලකුණු 288ක් ලබා ගත් අතර ඊට පිළිතුරු වශයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 47.2ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු  206ක් පමණි.
     
    ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ මුල් තරග දෙක එක තරගය බැගින් ජය ගනිමින් දෙපිලම සමසමව සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya