අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ ශූරතාවය පස්වන වරටත් ශ්‍රී ලංකා යුද හමුදාවට

    අගෝස්තු 23, 2016
    ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩාකාවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නංවමින් වාර්ෂිකව පවත්වනු ලබන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල -2016 ඊයේ  (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ ශාරීරික අභ්‍යාස ක්‍රීඩාගාරයේ දී අති උත්කර්ෂවත් අයුරින් නිමා විය.
     
    2003 වර්ෂයේ දී ආරම්භ කරන ලද ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල  2016 වර්ෂයේ දී නවවන වරටත් පවත්වනු ලැබූ  අතර, එහි ශූරතාවය මෙවර ද ශ්‍රි ලංකා යුද හමුදාව දිනා ගැනීමට සමත් විය. මෙම තරගාවලියෙහි පිරිමි සහ කාන්තා තරග ඉසව් 35ක් පැවති අතර,  ශ්‍රී ලංකා යුද හමුදා පිරිම් සහ කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් තරග ඉසව් 15ක ශූරතාවයන් දිනා ගැනීමට සමත් විය. 
     
    මෙම වර්ෂයේ මාර්තු මස ආරම්භ කරනු ලැබූ ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ පවත්වනු ලැබූ  ක්‍රීඩා ඉසව් එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයන් 800 දෙනෙකුගේ සහ ක්‍රීඩිකාවන් 400 දෙනෙකු පමණ තරග වැදුණහ.
     
    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක,  යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් විජය ගුණරත්න සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල ඇතුළු විශාල පිරිසක් මෙම උළෙලට සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya