අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 රියෝ ඔලිම්පික් උළෙල නිම වේ - 2020 සත්කාරකත්වය ජපානයට

    අගෝස්තු 22, 2016
    බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පැවති 2016 ඔලිම්පික් උළෙල නිමාවට පත් වූ අතර 2020 මීළඟ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ජපානය වෙත හිමි වී ඇත.
     
    මෙවර උළෙලේ පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයයි. ඒ රන් පදක්කම් 46ක්, රිදී පදක්කම් 37ක්, ලෝකඩ පදක්කම් 38ක් ද සමගින් පදක්කම් 121ක් දිනාගනිමිනි.
     
    දෙවන ස්ථානයට පත්වූ බ්‍රිතාන්‍ය පදක්කම් 67ක් දිනාගනු ලැබූ අතර ඒ රන් පදක්කම් 27ක්, රිදී පදක්කම් 23ක් හා ලෝකඩ පදක්කම් 17ක් ලබාගනිමිනි.
     
    තෙවන ස්ථානයට පත්වූ චීනය මෙවර ඔලිම්පික් තරගාවලියේ දී පදක්කම් 70ක් ලැබූ අතර ඊට රන් පදක්කම් 26ක්, රිදී පදක්කම් 18ක්, ලෝකඩ පදක්කම් 26ක් ඇතුළත් වේ.
     
    මෙවර සත්කාරක රට වූ බ්‍රසීලයට පදක්කම් සටහනෙහි 13වැනි ස්ථානය හිමි විය.
     
    සරණාගත කණ්ඩායමක් ද ඇතුළත්ව ලොව රාජ්‍යයන් 206ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,303ක් මෙවර දින 16ක් පුරා පැවති තරගාවලියට සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya