අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාතට නව ක්‍රීඩා පුහුණු විද්‍යායතනයක්

    අගෝස්තු 04, 2016
     
    ඌව පළාතේ තිබු විශේෂ අඩුපාඩුවක් සම්පුර්ණ කරමින් නව ක්‍රීඩා පුහුණු විද්‍යායතනයක් පසුගියදා ගිරාදුරුකෝට්ටේ මහවැලි ක්‍රීඩාංගනයේ දී ඌව පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ඇම්.පී.ජයසිංහ මහතා සහ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ඌව පළාත් ක්‍රීඩා අමාත්‍ය සාලිය සුමේද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ කරන ලදී.
    මේ අවස්ථාව අමතමින් ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ඇම්.පී.ජයසිංහ මහතා ප්‍රකාශ කළේ මෙය ඌව පළාතට ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් බවත්, මේ සඳහා කටයුතු කළ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාටත්   ඒ සඳහා කැපවීමෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය සාලිය සුමේද සිල්වා මහතාටත් තම ස්තුතිය පුද කරන බවත්ය.
     
    පළාත් ක්‍රීඩා අමාත්‍ය සාලිය සුමේද සිල්වා මහතා අදහස් දක්වමින් සඳහන් කලේ, මෙම ක්‍රීඩා පුහුණු විද්‍යායතනය විවෘත කිරීම එතුමාගේ සිහිනයක් සැබෑ වීමක් ලෙසත් ඉදිරියේදී ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් බිහි කිරීමටත් තමා උපරිමයෙන් ක්‍රියා කරන බවත්ය. 
     
    මෙම අවස්ථාවට අති ගෞරවණීය ශාස්ත්‍රපති ඌව බිංතැන්න දෙපළාතේ ප්‍රධාන සංඝනායක නාපටවල ධම්මානන්ද ස්වාමින්වහන්සේ ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.
     
    AP/DMU-Badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya