අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ඇසි දිසි'' ක්‍රිකට් ශූරතා තරඟාවලියට අයදුම්පත් කැඳවයි

    අගෝස්තු 04, 2016

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සයවන වරට සංවිධානය කරන ඇසි දිසි ක්‍රිකට් ශූරතා තරඟාවලිය -2016 සඳහා අයදුම්පත් කැඳවා තිබේ.


    ක්‍රිකට් ශූරතා තරඟය සැප්තැම්බර් මස 30, ඔක්තෝම්බර් 01 සහ 02 දිනවල කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

     

    ජනමාධ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන මෙන් ම රාජ්‍ය හා පෞද්ගලික විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන අතර මිත්‍රත්වය සහ සුහඳතාව වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව ''ක්‍රිකට් සැණකෙළියක්'' ලෙස වාර්ෂිකව  මෙම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කෙරේ.

     

    තරඟය සඳහා සහභාගීවන කණ්ඩායම් තම ආයතන ප්‍රධානී, පිරිස් කළමණාකරු ලවා සහතික කරන ලද අයදුම්පත්‍රය අගෝස්තු මස 31 දින පෙර  ලියුම් කවරයේ වම් කෙලවරේ ඉහළ'' ඇසි දිසි ක්‍රිකට් ශූරතා තරඟාවලිය'' ලෙස සඳහන් කර, ලේකම්, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය,නොම්බර 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ-5 යන ලිපිනයට යොමු කළ යුතුය.

     

    වැඩිදුර විස්තර සහ අයදුම්පත්‍ර www.media.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. තොරතුරු දැනගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ 0112513459/ 0112513460 යන දුරකතන අංක ඇමතීමෙන් සහ  තන්ඩුල- 0777736617/ යසීර්- 0779780825/ සමන්- 0718047423 යන නිලධරීන් ඇමතීමෙන් ලබාගත හැකි බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya