මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් නෙට්බෝල් තරගාවලය රිදී ජුබ්ලිය

    අගෝස්තු 03, 2016

    අන්තර් පාසල් මයිලෝ කුසලාන නෙට්බෝල් තරගාවලියේ අවසන් අදියරේ සමාරම්භක උළෙල අධ්‍යාපන අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

    ජූලි 30 වන දා සිට අද (1) දක්වා දින තුනක් පුරා පැවැත්වූ තරගාවලියේ අවසන් අදියරට අවුරුදු 13න් පහළ, 14න් පහළ, 16න් පහළ සහ 18න් පහළ වයස් කාණ්ඩ යටතේ තරග ඇතුළත් වූ අතර ක්‍රීඩිකාවන්  4,000 ක් පමණ ඊට සහභාගි වූහ.

     

    වසර 1991 දී ආරම්භ වූ පාසල් නෙට්බෝල් තරගාවලියට මේ වන විට වසර 25ක් සම්පූර්ණ වන අතර ඒ අනුව මෙවර පැවැත්වෙන්නේ රිදී ජුබිලි තරගාවලියයි. ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය හා සී/ස නෙස්ලේ ලංකා සමාගම සමඟ එක්ව මෙම තරගාවලිය සංවිධානය කර තිබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya