අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔලිම්පික් වරම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටවත් ව යයි

    අගෝස්තු 02, 2016
    මෙම මස 05දා සිට 21දා දක්වා බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර දී පැවැත්වෙන රියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සඳහා සහභාගිවීමට වරම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (01) සන්ධ්‍යාවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
     
    ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 09 දෙනෙකු සුදුසුකම් ලබා සිටිති. 09 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ලබන්නේ මැරතන් ඉසව්වෙන් තුන් වැනි වරට ඔලිම්පික් වරම් දිනාගත් අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ විසිනි.
     
    මීට අමතරව මැරතන් ක්‍රීඩිකා නිලූකා රාජසේකර, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සුමේද රණසිංහ, පිහිණුම් ක්‍රීඩාවෙන් මැතිව් අබේසිංහ හා කිමිකෝ රහීම්, බර ඉසිලිමේ ඉසව්වෙන් සුදේශ් පීරිස්, බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් නිලූක කරුණාරත්න, ඉලක්කයට  වෙඩි තැබීමේ ක්‍රීඩක මංගල සමරකෝන් හා ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලැබේ.
     
    ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ, කණ්ඩායම් භාර ප්‍රධානී (Chief  de Mission) ලෙස කටයුතු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya