අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව ජය ගනී

    ජූලි 31, 2016

    සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 106කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

    මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 117ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලකුණු 203ක් ලබාගත්තේය.

    දෙවැනි ඉනිමේදී නැවත පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 353ක් ලබාගත්තේය.

    මෙහිදී ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට  ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිදු වුවද ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 161ක් පමණි.

    කුසල් මෙන්ඩිස් ලබාගත් ලකුණු 176 මෙම තරගාවලියේ  කැපී පෙනුන දක්ෂාවක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya