අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය නැවත සංවර්ධනයට

    ජූලි 31, 2016

    දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට තවමත් අයිතිකරුවෙක් නැති අතර ඉඩම් අයිතිය දැනට තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා තිබෙන බවත්  ඒ නිසා මෙම ක්‍රීඩාංගනය ක්‍රීඩා අමාත්‍යංශයට පවරා ගෙන තරගාවලි මෙන්ම ක්‍රීඩා පුහුණුවීම් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් තිබෙන ලංකාවේ  තිබෙන එකම ක්‍රීඩා මධ්‍යස්ථානය බවට පත් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    ක්‍රීඩාවේ ප්‍රවීණයන්  සහ ක්‍රීඩා සංගම් නියෝජිතයන් සමඟ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

    නැවත මෙම ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීමට අවශ්‍ය සාකච්ඡා සිදු කරන බවත් පාසල් මට්ටමින් එන දක්ෂතා ඇති දරුවන්ව ඔලිම්පික් මට්ටම දක්වා පුහුණු කර ඔවුන්ව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය පුහුණුවීම් ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙම ක්‍රීඩාංගනය ජාත්‍යන්තර මට්ටටම් ක්‍රීඩාංගනයක් දක්වා දියුණු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya