මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙට්බෝල් තරඟාවලියේ ශූරතාව කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට

    අගෝස්තු 04, 2016
    සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තරඟාවලිය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. 
    දින තුනක් පුරා පැවති මයිලෝ කුසලාන නෙට්බෝල් තරඟාවලියේ ‘ඒ‘ කාණ්ඩයේ වයස අවුරුදු 18 න් පහළ හා 14 න් පහළ ශූරතා කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවෝ දිනාගත් අතර වයස අවුරුදු 16 න් පහළ ශූරතාව කොළඹ විශාකා විද්‍යාලීය ක්‍රීඩිකාවෝ හිමිකර ගත්හ.
     
    කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සමස්ත ලංකා පාසල් නෙට්බෝල් ශූරතාව දිනාගත් නව වන අවස්ථාව මෙයයි.
     
    බුත්තල රන්ජන් විජේරත්න මහ විදුහල් කණ්ඩායම වයස අවුරුදු 18 න් පහළ ‘බී‘ කාණ්ඩයේ ශූරියන් වෙද්දී 16 න් පහළ ශූරතාව බණ්ඩාරපොළ මහ විදුහල දිනාගත් අතර 14 න් පහළ ශූරතාව ගුන්නෑපාන සිරිමල්වත්ත මහ විදුහල් කණ්ඩායම දිනාගත්හ.
     
    දිස්ත්‍රික් 25 ම නියෝජනය කරමින් පැවති මූලික වටයේ තරඟ වලින් ජය ලැබූ නෙට්බෝල් කණ්ඩායම් 330 ක් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ මුත් යාපනය ප්‍රදේශයෙන් සුදුසුකම් ලත් පාසල් තරඟාවලියට සහභාගි නොවී ය.
     
    මෙහි ජය සංකේත ප්‍රදානය මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
     
    එහි දී අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ උපදේශක සුනිල් ජයවීර හා නෙස්ලේ ලංකා සමාගමේ සහකාර උපසභාපති නෝමන් කන්නංගර යන මහත්වරු ද එක්වී සිටියහ.
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya