අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරීක්ෂණ සඳහා කිසිදු සහයක් දෙන්නේ නැහැ - ශී‍්‍ර ලංකා රජය

    ජූනි 11, 2014

    ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යෝජනා කළ පරීක්ෂණය ප‍්‍රතික්ෂේප කරන බව ශී‍්‍ර ලංකා රජය ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ අවධාරණය කරයි.


    ජාතීන් අතර සංහිඳියාව කි‍්‍රයාවලිය මෙන්ම ජාතිය ගොඩනැඟීමේ හා වගවීමේ කි‍්‍රයාවලියේදී ශී‍්‍ර ලංකා රජය කැපවී සිටින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය ජිනීවා හි ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ප‍්‍රකාශ කරයි. එබැවින් යෝජිත පරීක්ෂණයට කිසිදු සහයක් නොදෙන බව ඒ මහතා පැවසීය.


    රාජ්‍යයන් සමඟ රටේ සංවර්ධනය හා සුබසාධනය වෙනුවෙන්ම කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන සමඟ කැපවී කටයුතු කරන බවද ඔවුන් සමඟ ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කරන බවද හෙතෙම පෙන්වා දෙයි.


    ස්විට්සර්ලන්තයේ ජිනීවාහි දී ඊයේ (10) ආරම්භ වූ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 26 වැනි සැසිවාරය අමතමින් ශී‍්‍ර ලංකා තානාපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


    විශ‍්‍රාම යාමට නියමිතව සිටි ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනිදන් පිල්ලේ සිදු කළ ප‍්‍රකාශයට පිළිතුරු දෙමින් ශී‍්‍ර ලංකා තානාපතිවරයා මේ බව සඳහන් කර තිබේ. ශී‍්‍ර ලංකාවේ ස්ථාවරය පැහැදිලි කරමින් රවිනාථ ආර්යසිංහ මහතා දීර්ඝ ලෙස කරුණු දක්වා තිබෙන බවද එම අමාත්‍යාංශය කියයි. ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සලයේදී සම්මත කරගත් යෝජනාවට අනුව සිදුකරන පරීක්ෂණය සහ ඒ සඳහා පත්කෙරෙන කමිටුවේ කාර්යභාරය සම්බන්ධයෙන් මෙහිදී නවනිදන් පිල්ලේ විසින් කරුණු දක්වා තිබේ. ඊට ප‍්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිතවරයා පෙන්වා දී තිබෙන්නේ මේ වසරේ මාර්තු මාසයේ දී ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වු යෝජනාවක් ජගත් මානව හිමිකම් කවුන්සලයේදී සම්මත කරගත්තද ඒ සඳහා සහය දී තිබෙන්නේ සාමාජික රටවලින් අඩකටත් වඩා අඩු ප‍්‍රමාණයක් බවයි.


    එසේ සම්මත කරගත් යෝජනාව අභියෝයට ලක්කරමින් රවිනාථ ආරියසිංහ මහතා පෙන්වා දී තිබෙන්නේ ශී‍්‍ර ලංකාවේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජික රටක ස්වාධීනත්වය, අන්තර්ජාතික නීතිය උල්ලංඝනය සහ එකිනෙකට පරස්පර විරෝධී එකක් වශයෙන් අදාළ යෝජනාව නම් කරන බවයි.


    එම යෝජනාව ශී‍්‍ර ලංකාවේ ජනතාවගේ අවශ්‍යතාවන්ට විරුද්ධව සම්මත කරගෙන තිබෙන බව පෙන්වා දී තිබෙන තානාපතිවරයා කිසිදු පැහැදිලිතාවකින් තොර යෝජනාව වැරදි පූර්වාදර්ශයක් ලබාදෙන බවද ඊට අමතරව ශී‍්‍ර ලංකාවේ ප‍්‍රශ්නය සඳහා වන දේශීය විසඳුම් හා ජාතික සංහිඳියාව අතර ඇති සමබරතාව නැතිකර තිබෙන බවද සිහිපත්කර ඇත. නවනිදන් පිල්ලේගේ ඒකපාර්ශවීය යෝජනාව සම්බන්ධයෙන් ඇති විශ්වාසය පිළිබඳ විවිධ සැක මතුවන බවයි.

     

    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya