අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද සිට බ්‍රසීලයේ

    ජූනි 12, 2014

    20 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද (12) බ්‍රසීලයේ ආරම්භ වන අතර අවසන් තරගය ජූලි 13 වැනි දා පැවැත්වීමට නියමිතය.


    ලොව පාපන්දු ක්‍රීඩාව පාලනය කරන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය 1930 වසරේ පටන් සෑම අවුරුදු හතරකටම වරක් මේ තරගාවලිය පවත්වයි. ලෝක යුද්ධය හේතුවෙන් 1942 හා 1946 වසරවලදී ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වූයේ නැත.

     

    සත්කාරක බ්‍රසීලයේ ක්‍රීඩාංගණ 12ක දී මෙවර තරග පවත්වන අතර නියමිත තරග සංඛ්‍යාව 64කි. ලෝක පාපන්දු කිරුළ හිමිකර ගැනීමේ අපේක්ෂාවෙන් මෙවර රටවල් 32ක් තරගාවලියට එක් ව සිටිති. සත්කාරක බ්‍රසීල කණ්ඩායම මෙවර ලෝක කුසලාන හිමිකර ගැනීමේ දැඩි බලාපොරොත්තුවකින් සිටී. නමුත් 1998 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී බ්‍රසීලය ප්‍රංශයට පරාජය වූයේ ගෝල් 3–0කිනි.

     

    මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ජූලි 4 හා 5 යන දිනවල පැවැත්වීමට නියමිතය. අවසන් පූර්ව තරග ජූලි 8 හා 9 දිනවල ද  ජූලි 13 වැනිදා අවසාන මහා තරගය ද පැවැත් වේ. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී තරගකරුවන්ට හිමිවන ත්‍යාග මුදල ඩොලර් මිලියන 576ක් බව ද විදෙස් වාර්තා පවසයි.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya