අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එංගලන්ත - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද

    ජූනි 12, 2014

    එංගලන්ත කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා පිල අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (12) ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය.


    ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත පිල සමඟ පැවති ජාත්‍යන්තර එක්දින තරගමාලාවෙන් එංගලන්තය පරාජය කළ අතර එංගලන්තයේදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගමාලාවෙන් ජය ගැනීමේ අරමුණින් අද ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසෙයි. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට තරගය ආරම්භ වනු ඇත.


    ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන එංගලන්ත සංචාරය සිදු ව ඇත්තේ මීට තෙවසරකට පෙරය. 1998 හා 2006 දී එංගලන්තයේ පැවති තරගවලදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග ජයග්‍රහණය කර තිබුණද ටෙස්ට් තරගමාලාවක් එහිදී ජයග්‍රහණය කර නැත.


    ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් තරග 26ක් පවත්වා ඇති අතර ඉන් ශ්‍රී ලංකාව තරග 7ක ජය වාර්තා කර ඇත. තරග 10කින් පරාජයට පත්ව 9ක් ජය පැරදුමින් තොරව අවසන් කර තිබේ.


    අද එංගලන්ත කණ්ඩායම ඇලෙස්ටෙයාර් කුක් නායකත්වය දරයි. අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නායක ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ෂමින්ද්‍ර එරංග, නුවන් ප්‍රදීප්, රංගන හේරත්, මහේල ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, දිමුත් කරුණාරත්න, නුවන් කුලසේකර, දිල්රුවන් පෙරේරා, ධම්මික ප්‍රසාද්, කුමාර් සංගක්කාර, කෞෂාල් සිල්වා සහ චානක වෙලගෙදර යන ක්‍රීඩකයන් අතරින් තෝරා ගැනේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya