අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරච්චි ගුවන් තොටුපොළට නැවතත් ත්‍රස්ත ප්‍රහාර

    ජූනි 10, 2014
    ඊයේ (09) පකිස්තානයේ කරච්චි නුවර ජින්නා අන්තර්ජාතික ගුවන්තොටුපොළට එල්ල වූ තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයෙන් 34 දෙනෙකු මිය ගොස් ඇති අතර අද (10) නැවත වරක් බර අවි රැගත් සන්නද්ධ පිරිසකගෙන් කරච්චි ගුවන් තොටුපොළට ප්‍රහාර එල්ල වන බව විදෙස් වාර්තා පවසයි.
     
    පාකිස්තාන තාලිබාන් ත්‍රස්ත සංවිධානය ඊයේ කරච්චි ගුවන් තොටුපළට එල්ල කරන ලද ප්‍රහාරයේ වගකීම භාරගත් බව ප්‍රකාශ කර තිබුණි.
     
    අද (10)ත් ගුවන් තොටුපොළේ ස්ථාන දෙකක සිට සන්නද්ධ කණ්ඩායම හා පකිස්තානු ආරක්ෂක හමුදා අතර වෙඩි හුවමාරු වෙමින් තිබෙන බව මේ වනවිට වාර්තා වේ. ගුවන් තොටුපොළ ආරක්ෂක හමුදාවේ (Airport Security Force) අංක 2 දරණ කඳවුරෙහි සිට ආරක්ෂක හමුදා ප්‍රහාර එල්ල කරති. 
     
    මෙම ප්‍රහාරය එල්ල වීමට පෙර පකිස්තානු අග්‍රාමාත්‍යවරයාගේ සිවිල් ගුවන් සේවා පිළිබඳ උපදේශක ෂුජාත් අසීම් මහතා ප්‍රකාශ කළේ ආරක්ෂක අංශවල අනුමැතියෙන් අනතුරුව කරච්චි ගුවන්තොටුපළ මගීන් සඳහා නැවත විවෘත කර ඇති බවයි.
     
    මාධ්‍ය වේදීන් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කොට ඇති අතර ගුවන් තොටුපළ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවත් කාල සටහනට අනුව ගුවන්ගමන් සිදුවන බවත් ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
     
    ප්‍රහාර හේතුවෙන් ගුවන් යානාවලට කිසිදු හානියක් සිදු වී නොමැති අතර ගුවන් තොටුපළ ආරක්ෂක කටයුතු ද තර කොට ඇතැයි එහි පැවසිණි. 
     
    ත්‍රස්තවාදීන් තිදෙනෙකු ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ සිටින බවටත් ඔවුන් එල්ල කළ ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලැබු බවත් ඊයේ පෙරවරු 9.07ට පමණ වාර්තා විණි.
     
    ගුවන්තොටුපොළ අභ්‍යන්තරයේ පිපිරීම් දෙකක් සිදු වූ බව ඊයේ පෙරවරු 10.00ට පමණ වනවිට වාර්තා විය. පකිස්තානු ආරක්ෂක හමුදා මෙහෙයුම් ආරම්භ කළ අතර ඒ වන විටත් ත්‍රස්තවාදී ප්‍රහාරකයන් ගුවන් තොටුපොළ ඇතුළත සිටින බව තහවුරු විය. පෙරවරු 11 පමණ වන විට වෙනත් ස්ථානයක සිට ප්‍රහාරකයින් ප්‍රහාර එල්ල කරන්නට පටන්ගෙන තිබිණි. 
     
    මේ අතර කරච්චි ගුවන් තොටුපොළට එල්ල වූ ප්‍රහාරයත් සමඟම ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඉන්දියාවේ සියලු ම ගුවන් තොටුපොළවල ආරක්ෂාව තර කරන ලෙස උපදෙස් දී තිබේ. 
     
    HC/DB 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya