අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්දින කි‍්‍රකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

    ජූනි 04, 2014
    ශ්‍රී‍්‍ර ලංකා එංගලන්ත අතර බර්මින්හැම්හිදී පැවැත් වූ අවසන් එක් දින කි‍්‍රකට් තරගයෙන් ශ්‍රී‍්‍ර ලංකාව කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමත් සමග එංගලන්තයට එරෙහි එක් දින කි‍්‍රකට් තරගාවලිය 3/2ක් ලෙස ජය ගැනීමට ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (03) සමත්වූහ. 
    මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 48.1කදී ක්‍රිඩකයන් සියලු දෙනාම දැවී ලකුණු 219ක් රැස් කළහ. ලකුණු 220ක ඉලක්කය හඹා ගිය ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 48.2ක දී කඩුලු 4කට ලකුණු 222ක් ලබා තරගය ජයග්‍රහණය කරන ලදී.
     
    එංගලන්ත කණ්ඩායමේ ඇලෙක්ස්ටෙයාර් කුක් ලකුණු 56ක් හා ඉයෙන් බෙල් ලකුණු 37ක් ලබාගත්හ. පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 50කට කඩුලු 3ක්  ද අජන්ත මෙන්ඩිස් කඩුලු 02ක්ද බිඳ හෙළුහ. 
     
    මේ අතර ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායමේ ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 60ක් හා මහේල ජයවර්ධන ලකුණු 53ක් ලබාගත්හ. පන්දු යැවීමේදී ජේම්ස් ටෙ‍්‍රඩ්වෙල් කඩුලු 2ක් බිඳ හෙළීය. 
     
    අවසන් එක්දින කි‍්‍රකට් තරගයේ වීරයා ළහිරු තිරිමාන්න වූ අතර තරගාවලියේ වීරයා ලසිත් මාලිංග විය.
     
    මෙම ජයග‍්‍රහණයත් සමඟ එක්දින කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සමත්විය.
    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya