අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ ග්‍රාමීය සංවර්ධන ඇමති රිය අනතුරකින් අභාවප්‍රාප්ත වේ

    ජූනි 04, 2014

    ඉන්දියාවේ ග්‍රාමීය සංවර්ධන ඇමති ගෝපිනාත් මුන්ඩේ (Gopinath Munde) මහතා ඊයේ (03) දිල්ලි ගුවන්තොටුපොළ වෙත ගමන්කරමින් සිටියදී සිදු වූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබේ.

     

    Gopinath Mundeමහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ විජයග්‍රාහී රැලියක් ඇමතීම සඳහා ගුවන් මගින් යාමට ගුවන්තොටුපොළ කරා ගමන් කරමින් සිටියදී පෙරවරු 6.20ට පමණ මේ අනතුර සිදුව තිබේ. ඔහු ගමන් කළ රථය අනතුරට පත් වීමත් සමඟ ඇති වූ හෘදයාබාධයක් නිසා ඔහු මියගොස් ඇති බව මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබේ. අනතුර සිදුවන විට පසුපස ආසනයේ ඔහු ගමන් කර ඇත. රෝහලට ගෙන යන විටත් ඔහු මියගොස් සිටි බව ඉන්දීය වාර්තා පවසයි. ඔහු මියයන විට 64 වැනි වියේ පසුවිය.


    ඉන්දීය නව රජයේ ග්‍රාමීය සංවර්ධන ඇමති ලෙස ගෝපිනාත් මුන්ඩේ මහතාව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමා විසින් පත් කරන ලද්දේ පසු ගිය සතියේදීය. නරේන්ද්‍ර මෝදී මැතිතුමා ඊයේ මුන්ඩේ මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වමින් පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය ප්‍රකාශ කර තිබේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya