අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන මෙවලමක් ලෙස මානව හිමිකම් යොදා ගැනීමෙන් ශී‍්‍ර ලංකාව පීඩා විඳිනවා

    ජූනි 03, 2014

    ශී‍්‍ර ලාංකීයන්ට පමණක් නො ව සැලකිය යුතු තරම් පුළුල් පරාසයක පැතිර පවතින රටවල් රැසක ජනතාවගේ යහපත උදෙසා ත‍්‍රස්තවාදය මුලිනුපුටා දමා ඇති ශී‍්‍ර ලංකාව වර්තමානයේදී මානව හිමිකම් දේශපාලන මෙවලමක් ලෙස යොදා ගැනීම තුළින් දැඩි ලෙස පීඩාවිඳිමින් සිටින බව ඇල්ජීරියාවේ, ඇල්ජීරියස්හි පැවති නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ 17 වැනි අමාත්‍ය සමුළුව අමතමින් විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.


    මෙම සමුළුව 'සාමය සහ සමෘද්ධිය උදෙසා වැඩිදියුණු කළ එක්සත් බව' යන තේමාව යටතේ පැවැත්විණි.


    මෙහිදී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සමුළුව අමතමින් 1973 ඇල්ජීරියර්ස් සමුළුවේදී, ශී‍්‍ර ලංකාවට 1976 වසරේදී නොබැඳි ජාතීන්ගේ සමුළුවේ සහභාගිත්වය ලබාදීමට නිර්දේශ කළ බව සිහිපත් කළේය. මෙම ව්‍යාපාරයේ මූලධර්ම මත හා අරමුණු කෙරෙහි ඇල්ජීරියාව හා ශී‍්‍ර ලංකාව යන රටවල් දෙකම අඛණ්ඩව සහ නිරන්තරයෙන් කළ ඇපකැප වීම මෙහිදී හෙතෙම අවධාරණය කර සිටියේය.


    යම් දේශපාලන පන්තියක් හෝ මතවාදයක් කෙරෙහි වු හේතු නොවන අපරීක්ෂාකාරී නැඹුරුවකින් තොරව, කිසියම් සිද්ධියක යෝග්‍යතා පදනම් කරගනිමින් ගැටලු පිළිබඳව ඇගයීම හා තීරණ ගැනීම මේ ව්‍යාපාරයේ සාරධර්ම බැව් සඳහන් කළ පීරිස් මහතා මේ ප‍්‍රවේශය මඟින් ජාත්‍යන්තර ආයතනවල විශ්වාසනීයත්වය සහ ප‍්‍රතිරූපය වැඩි දියුණු කරලීමෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කෙරෙනු ඇති බැව් පැවසීය. විසඳුම් සොයා ගැනීමේ දී සියලු ප‍්‍රජාවන්ට ගැළපෙන ආකාරයේ එක් විසඳුමක් මත යැපිය නොහැකි බව පැවැසු හෙතෙම සංස්කෘතිමය විවිධත්වයන් පිළිබඳව හඳුනාගැනීම අත්‍යවශ්‍ය වන බවද අවධාරණය කළ අතර නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ වටිනාකම රඳා පවතින්නේ උපයෝගීතාවාදය සහ සාධාරණ කාල රාමුවක් තුළදී ගැටලු විසඳු ප‍්‍රායෝගික ප‍්‍රතිඵල අත්කරගැනීම අරමුණු කරගත් නොබැඳි ජානීන්ගේ ව්‍යාපාරයට අයත් රටවල ජනතාව අතර දැඩි අවබෝධයක් ගොඩනංවාලීම මත බවත් ලෝකයේ ඇතැම් රටවල ප‍්‍රගතියට විශාල වශයෙන් බාධා ඇතිකර පීඩාවක් ගෙන දෙන නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයට අයත් රටවල් බහුරයක් මුහුණ දෙන අනෙකුත් සියලු උවදුරු අභිබවා ගොස් තිබෙන ත‍්‍රස්තවාදය ඇතුළු ප‍්‍රධාන ගැටලු යථාර්ථවාදීව හඳුනාගැනීම ඉතා වැදගත් බවත් පීරිස් මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

     

    ජාත්‍යන්තර ප‍්‍රජාව ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම අරමුණු කරගත් කි‍්‍රයාමාර්ගවලට සහාය දැක්වීම සඳහා දැඩි සහ ඉතා පැහැදිලි ආකල්පයක් ගොඩනැගීම අනෙක් කරුණුවලට වඩා ඉතා වැදගත් වන බවද අවධාරණය කළේය.


    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya