අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල නිමා වේ

    ජූනි 06, 2014
    2014 - මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය පසුගියදා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ බර්නාඩ් අළුවිහාරේ ක්‍රීඩාංගණයේදී  පැවැත්විණි.


    මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන 28ක සහභාගිත්වයෙන් පැවැති මේ ක්‍රීඩා උළෙලේ ශූරතාව යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිනා ගත්තේය. මෙහි අනු ශූරතාව රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් තුන්වන ස්ථානය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කණ්ඩායමටත් හිමි විය. 

     

    මෙවර ක්‍රීඩා උළෙල ක්‍රිකට්, වොලිබෝල්, දැල්පන්දු, පාපන්දු සහ එල්ලේ  කණ්ඩායම් තරගවලින් හා මලල ක්‍රීඩා තරගවලින් සමන්විත විය.

    මෙම අවස්ථාවට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, යටවත්ත ප්‍රාදේශීය ලේකම් ජගත් අධිකාරි, සහකාර දිස්ත්‍රික් ලේකම් චමිල් සකලසූරිය යන මහත්වරුන් සහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ.

     

    NDH/GNK-ISB-dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya