මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියෙන් පදක්කම්ලාභී රුමේෂිකාට උපහාර

    පෙබරවාරි 22, 2016

    12 වන දකුණු ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියේ මීටර් 100 රන් පදක්කම, මීටර් 100x4 රන්පදක්කම සහ මීටර් 200 ලෝකඩ පදක්කම හිමිකරගත් කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ රුමේෂිකා රත්නායක ශිෂ්‍යාවට උපහාර දැක්වීමේ උත්සවයක් කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ පසුගියදා පැවැත් විණි.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවති අතර රුමේෂිකා රත්නායක ශිෂ්‍යාවට අමාත්‍යවරයා විසින් මුදල් ත්‍යාගයක්ද පිරිනමන ලදී.

     

    අනතුරුව උත්සව සභාව ඇමතූ අමාත්‍ය සියඹලාපිටිය මහතා රුමේෂිකා රත්නායක ශිෂ්‍යාව රටට කෑගල්ල දිස්ත‍්‍රික්කයට මෙන්ම සිය පාසල වෙත ලබාදුන් කීර්තිය අතිමහත් බව පැවසූ අතර ඇයගේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ඉදිරි ගමන වෙනුවෙන් අනුග‍්‍රාහක බවතෙක් ලබාදෙන බවද  පැවසීය.

     

    මෙම අවස්ථාවට  පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි වෛද්‍ය තුසිතා විජේමාන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය යන මහත්ම මහත්මීන්, අධ්‍යාපන අධ්‍යක්ෂ, විදුහල්පති, ගුරුභවතුන්, පාසල් සිසුන් ඇතුළු දෙමව්පියන් විශාල පිරිසකුත් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya