මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ ටයිකොන්ඩෝ තරග හෙට ඇරඹේ

    නොවැම්බර් 18, 2015

    2015 ජාතික මහා ක්‍රීඩා උළෙලේ ටයිකොන්ඩෝ තරග හෙට (19) පෙ.ව.9.00 ට ක්‍රීඩා අමාත්‍යාංශයේ නව නේවාසිකාගාර ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී ආරම්භ වීමට නියමිතය.

    ටයිකොන්ඩෝ සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් තරග ආරම්භ වීමට නියමිතය. මෙවර පළාත් 09 ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 144 දෙනෙකු ජාතික ටයිකොන්ඩෝ ශූරතාවය සඳහා තරග වදිනු ඇත.

     

    මෙවර ටයිකොන්ඩෝ ක්‍රීඩා තරග විනිසුරුවරුන්  ලෙස ජාත්‍යන්තර කොරියානු විනිසුරු තී සූ ලී මහතා ප්‍රමුඛ විනිසුරුවන් 35 දෙනෙකු සහභාගී වේ.

     

    ත්‍යාග සහ කුසලාන ප්‍රදානෝත්සවය බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය රංජිත් සෝමවංශ මහතාගේ හා ක්‍රීඩා අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (20) ප.ව.5.00 ට ක්‍රීඩා අමාත්‍යාංශයේ නව නේවාසිකාගාර ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදීම පැවැත්වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya