ජනසතු සේවා සංගමය මගින් පවත්වනු ලබන නෙට්බෝල් තරගාවලිය ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ඩබ්. එම් .ආර් .බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) ටොරින්ටන්හි ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩා පිටියේ දී පැවැත්විණි. තරගාවලියට ආයතන 20ක් සහ කණ්ඩායම් 33ක් සහභාගි වූහ. මෙම තරගාවලියේ සහතික සහ ත්‍යාග ප්‍රදානෝත්සවය හෙට (16) සවස 2.30 ට ටොරින්ටන් ක්‍රීඩාංගණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.