නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේදී මෙම හමුව සිදුවිය.
වසර 1993 සිට මේ දක්වා බිම් බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව අනාවරණය කළ ඇමෙරිකානු තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය, නැවත පදිංචි කිරීම සහ අවතැන්වුවන්ගේ සුබ සාධනය සඳහා ඇමෙරිකානු එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජය සමග වඩාත් සමීපව ඉදිරියටත් කටයුතු කරන බව ද කීය.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන බිම් බෝම්බ ඉවත් කිරීම කඩිනම් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.75ක මුදලක් ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.