නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2015’අද සිට

    සැප්තැම්බර් 16, 2015
    ආබාධිත යුද හමුදා ක්‍රීඩකයන් 450 කගේ සහභාගීත්වයෙන් 18 වන වරටත් පැවැත්වෙන‘ශ්‍රී ලංකා යුද හමුදා පැරා ක්‍රීඩා උ‍ළෙල - 2015’තරගාවලිය අද (16)දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.
     
    අදින් ආරම්භ වන ක්‍රීඩා උත්සවය හෙට (17) සහ අනිද්දා (18) දෙදින පුරා ද පැවැත්වේ.
     
    උතුරු - නැගෙනහිර සිටින ආබාධිත තත්ත්වයට පත් වූ ක්‍රීඩා දක්ෂතාවලින් පිරි සිවිල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද මෙම යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල නැරඹීමට අවස්ථාව සලසාදීම පැරා ක්‍රීඩා උළෙලේ ඇති විශේෂත්වයයි. ඒ තුළින් සමාජය තුළ සාමය, සහයෝගය සහ සංහිදියාව ඇති කිරීමට හැකියාව ලැබෙන බව යුද හමුදාව විශ්වාස කරයි. 
     
    ඒ අනූව යුද හමුදාව කළ ආරාධනාවට ප්‍රතිචාර ලෙස මේ වන විට කිලිනොච්චිය, මඩකලපුව, වව්නියාව ආදි ප්‍රදේශවල ක්‍රීඩා සමාජ රැසක් තම සහභාගිත්වය තහවුරු කොට තිබේ. එමෙන්ම විදෙස් රටවල ආබාධිත ක්‍රීඩකයන් සඳහා මෙම තරගාවලිය විවෘත ව පවතින අතර, ඉන්දියාව, පකිස්තානය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ නේපාලය යන රටවල් නියෝජනය කරමින් ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවීමට ද නියමිතය.  
     
    2016 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ දී පැවැත්වීමට නියමිත පැරා ඔලිම්පික් තරගාවලිය සඳහා යුද හමුදාව නියෝජනය කරමින් මලල ක්‍රීඩා සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කොට ජයග්‍රහණ ලබා ගැනීම මෙම යුද හමුදා පැරා ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අරමුණක් වී ඇත. ඒ වෙනුවෙන් ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකු සහභාගි කරවීමට බලාපොරොත්තු වේ.
     
    මෙම තරගාවලිය සඳහා ඩීඅයි සමාගම ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන අතර, ඩයලොග්, ලලාන්ස්, ලාෆ්ස් ගෑස්, ඇවන් ගාර්ඩ් සහ තවත් ව්‍යාපාරික භවතුන් අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී සිටිති. යුද හමුදාවේ සියලු රෙජිමේන්තු තම  උපරිම සහයෝගය මේ වෙනුවෙන් ලබාදෙති.   
     
    තරග ඉසව් 82කින් මෙම පැරා ක්‍රීඩා උළෙල පැවැත්වේ.
     
    පසුගිය කාලයේ ක්‍රියාන්විත රාජකාරි සිදු කරනු ලැබූ අවස්ථාවල දී ආබාධිත තත්වය පත්වූ නමුත් ක්‍රීඩා කෞශල්‍යයන්ගෙන් පිරිපුන් රණවිරුවන්ට එම ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමට අවස්ථාව සලසාලමින් මෙම යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල ආරම්භ වූයේ වසර 1991 දීය. 1991 වසරේ ‘යුද හමුදා ආබාධිත ක්‍රීඩා උළෙල’ ලෙස ආරම්භ කෙරුණු මෙම ක්‍රීඩා උළෙල 2010 වසරේ දී ‘ශ්‍රී ලංකා යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල’ ලෙස නැවත නම් කරනු ලැබීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya