නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරඟාවලියේ දී ඉදිරියෙන්ම

    සැප්තැම්බර් 15, 2015
    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මලල ක්‍රීඩා අංශය වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමය විසින් 32 වැනි වරට සංවිධාන කරන ලද මලල ක්‍රීඩා උළෙලේ දී තෙවන ස්ථානය දිනාගැනීමට පසුගියදා සමත්වූහ. 
    ආධුනික සහ ප්‍රවීණ වයස් කාණ්ඩ යටතේ පැවැති මෙම මලල ක්‍රීඩා උළෙල දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී  පසුගියදා පැවැත්විණි. 
     
    මෙම තරඟාවලියේ දී එනම් වයස අවුරුදු 40 ට වැඩි කාණ්ඩය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මලල ක්‍රීඩා කණ්ඩායම ලකුණු 166 ක් ලබාගත් අතර ඊට රන් පදක්කම් 21 , රිදී පදක්කම් 20 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් ඇතුලත් විය. එසේම ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම මලල ක්‍රීඩා උළෙලේ දී අනුශූරතාවය, ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතාව සහ සමස්ත පිරිමි මලල ක්‍රීඩා ශූරතාවය දිනාගන්නා ලදී. 
     
    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයේ  නර්මදා ගයාත්‍රි  වයස අවුරුදු 35 ට වැඩි දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර ගුවන් සමාගමේ  ආරක්ෂක සහ විමර්ෂන අංශයේ සුසන්ත මාවෙල සහ කේ පී එම් ප්‍රනාන්දු  වයස අවුරුසු 45 ට වැඩි දක්ෂතම මලල ක්‍රීඩකයා සහ වයස අවුරුදු 50 වැඩි දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගන්නා ලදී.  
     
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya