අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ක්‍රීඩා පුහුණුකරුවන්ට නිල හැඳුනුම්පතක්

    මැයි 18, 2014

    තෝරා ගත් ක්‍රීඩා ඉසව් යටතේ මලල ක්‍රීඩා, වොලිබෝල්, පිහිනුම් හා පාපන්දු පුහුණුකරු පාඨමාලාවන් සාර්ථකව නිම කළ පුහුණුකරුවන් 413 දෙනෙකු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිල පුහුණුකරුවන්ලෙස පත් කරමින් නිල හැඳුනුම්පත් නිකුත් කිරීම ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.


    ජාතික ක්‍රීඩාව පෝෂණය කිරීම සඳහා පාසල් මට්ටමේ සිට පුළුල් කාර්යභාරයක් ඉටුකරන ක්‍රීඩා පුහුණුකරුවන්ගේ කුසලතා ජාත්‍යන්තර මට්ටම දක්වා යාවත්කාලීන කිරීමේ වැඩසටහන යටතේ ක්‍රීඩාවේ නව තාක්ෂණික දැනුම, ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව, ආහාර හා පෝෂණ මට්ටම් කළමනාකරණය පිළිබඳ පුළුල් දැනුමක් ලබාදී පරිපූර්ණ ක්‍රීඩකයන් බිහිකිරීමට පුහුණුකරුවන් යොමු කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ මේ පාඨමාලා පැවැත්විණි.


    මින් ඉදිරියට ක්‍රීඩා අමාත්‍යාංශයේ නිල පුහුණුකරු හැඳුනුම්පත නොමැතිව කිසිවෙකුට පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට නොහැකි වන ලෙස සෑම පුහුණුකරුවෙකුම ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඇත. ක්‍රීඩා පුහුණුකරුවන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන යටතේ සෑම ක්‍රීඩා ඉසව්වක් සඳහා ම කෙටිකාලීන, අර්ධකාලීන හා පූර්ණකාලීන පාඨමාලා ජාතික විද්‍යායතනය යටතේ පවත්වනු ඇත. එම පාඨමාලා හදාරා සහතිකලාභියෙකු ලෙස නිල හැඳුනුම්පත ලබා ගන්නා ලෙස සියලු පුහුණුකරුවන්ට ක්‍රීඩා අමාත්‍යාංශය දන්වා සිටී.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya