අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාරතීය ජනතා පක්ෂය ප්‍රධාන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට විශිෂ්ට ජයක්

    මැයි 17, 2014
    වසර 10ක් ඉන්දියාව පාලනය කළ කොංග්‍රස් පක්ෂයේ පාලනය අන්ත පරාජයකට පත් කරමින් ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ප්‍රධාන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (NDA)  ජය හිමි කර ගත්තේය. ඒ අනූව නරේන්ද්‍ර මෝඩි මහතා නව අගමැතිවරයා වශයෙන් පත්වෙනු ඇත. 
     
    ඉන්දීය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල ඊයේ (16) නිකුත් විය. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේදී, මිලියන 563ක පමණ ඡන්ද දායකයින්ගෙන් බහුතරයක් නරේන්ද්‍ර මෝඩි මහතාට සිය ඡන්දය ලබාදී ඇත්තේ එරට පාලන කොංග්‍රස් පක්ෂයට ඉන්දීය මැතිවරණ ඉතිහාසයේ ලද දරුණුතම පරාජයද හිමිකර දෙමිනි. 
     
    අප්‍රේල් 07 වැනි දින ආරම්භ වූ ඉන්දීය මහ මැතිවරණය මැයි මස 12 වැනි දින අවසන් විය. ඉන්දීය ලොක් සභාවට මන්ත්‍රීවරුන් 543 දෙනකු තෝරාගැනීම සඳහා පැවති මෙම මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 989ක දී සිදුකර තිබේ. මෙම මැතිවරණයට ඉදිරිපත්වී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 8251කි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya