මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මලාලා සිය 18වන උපන් දිනය දා සිරියානු සරණාගත සිසුවියන්ට පාසලක් විවෘත කරයි

    ජූලි 14, 2015

    නොබෙල් සාම ත්‍යාගලාභී යෞවනිය මලාලා යූසුෆ්ෂායි පසුගිය ඉරිදා (12) ලෙබනනයේ දී සිය 18වන උපන්දිනය සමරමින්, සිරියානු සරණාගත සිසුවියන් සඳහා පාසැලක් විවෘත කරමින් උණ්ඩවලට නොව පොත් සඳහා (“books not bullets”) ආයෝජනය කිරීමට ලෝක නායකයන්ට පණිවුඩයක් ලබා දුන්නාය.

     

    බාලිකා අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි මලාලා 2012 වසරේ පකිස්තානයේ දී තලිබාන් විසින් හිසට වෙඩි තැබීමත් සමඟ මලාලා ලොව පුරා අවධානය දිනා ගත්තාය. එම ප්‍රහාරයෙන් නොසැලුණු ඇය දිගින් දිගටම බාලිකා අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් ලොව පුරා සිය ප්‍රචාරක ව්‍යාපාරය ගෙන ගිය අතර 2014 දී නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ද සමත් විය.

     

    "සිරියානු සරණාගතයින් මෙතරම් කාලයක් නොසලකා හැර ඇති අතර ඔවුන්ගේ හඬ ඇසීමට කෙනෙකු අවශ්‍ය බව විශ්වාස කරන නිසා ලෙබනනයේ සිටීමට තීරණය කළ බව මලාලා පංති කාමරයේ දී රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

     

    ප්‍රාදේශීය අධ්‍යාපනික ව්‍යාපෘති සඳහා සහාය ලබා දෙන ලාභ නොලබන සංවිධානයක් වන මලාලා අරමුදල මඟින් සිරියානු දේශ සීමාව අසල පිහිටි බෙකා නිම්නයේ පාසලක් සඳහා මූල්‍යමය ආධාර සපයා ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි. වයස අවුරුදු 14 සිට18 දක්වා ගැහැණු ළමුන 200 ක් සඳහා මෙම සංවිධානයේ ඉඩකඩ වෙන්ව ඇත.

     

    "ලෝකය පුරා වෙසෙන දරුවන් වෙනුවෙන්  වැඩිහිටියකු ලෙස ගෙවන මගේ පළමු වන දිනය අද, මම ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අපි උණ්ඩ වෙනුවට පොත් සඳහා ආයෝජනය කළ යුතුයි" යැයි මලාලා සිය උපන්දින කතාව අතරතුර දී සඳහන් කළාය.

     

    සිරියාවේ යුද්ධය හේතුවෙන් අසල්වැසි රටවලින් පැමිණි මිලියන 4 ක් සරණාගතයින්ගෙන් මිලියන 1.2 ක් සඳහා ලෙබනනය නිවහනක් වී ඇත. ලෙබනනයේ 500,000 පමණ පාසල් යන වයසේ සිරියානු දරුවන් සිටින නමුත් ඉන් පහෙන් එකක් පමණක් විධිමත් අධ්‍යාපනයක් ලබති.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya