මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙ හි අන්තර් සේනාංක සරඹ තරගාවලිය උසස් අයුරින් නිමා වේ

    ජූලි 14, 2015
    වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය, එම මූලස්ථාන බල ප්‍රදේශයේ රාජකාරී නියුතු නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ විනය සහ පෞර්ෂත්වය වර්ධනය කිරීමේ අදිටනින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ අන්තර් සේනාංක සරඹ තරගාවලියෙ හි අවසන් තරග පසුගියදා පූනෑව ‘ශික්ෂා’ නාවික ආධුනික පුහුණු පාසලේ දී පැවැත්විණ.
     
    මෙහිදී 21, 54, 56, 61 සහ 62 යන සේනාංක නියෝජනය කරමින් නිලධාරීන් සහ සරඹ පුහුණු උපදේශකවරුන් යටතේ කණ්ඩායම් 6ක් තරග වැදුණහ.
       
    62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ජී.ඩී. පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් එම සේනාංකයේ සෙබළුන් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා පණ්ඩුකාභය නාවික හමුදා කඳවුර ද සහයෝගය දැක්වීය.
     
    එම අවස්ථාවේදී මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා, ආධුනික නාවික පුහුණූ මධ්‍යස්ථානයේ සේනාවිධායක වෙත දැක්වූ සහයෝගය වෙනුවෙන් සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.  
     
    මෙම අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු පෙදෙසෙ හි ආඥාපති, සේනාංකාධිපතිවරු, බලසේනාධිපතිවරු, අණ දෙන නිලධාරීහු, උතුරු මැද පළාත් නාවික ආඥාපති, පූනෑව  ‘ශික්ෂා’ නාවික ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක සමඟින් යුද හමුදා සහ නාවික හමුදා සෙබළු බොහෝ පිරිසක් සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya