මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරගාවලිය උණුසුම් අයුරින් නිමා වේ

    ජූලි 13, 2015
    ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරගාවලිය - 2015 පසුගියදා පනාගොඩ මුත්තුකුමරු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  අවසන් වූ අතර ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්වුණි.
     
    ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ ක්‍රිකට් තරගාවලිය සඳහා මෙවර යුද හමුදා රෙජිමේන්තු 16ක් සහ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය නියෝජනය කරමින් කණ්ඩායම් 24ක් ‘ඒ’ සහ‘බී’ කාණ්ඩ යටතේ තරග වැදුණහ.
     
    ‘ඒ’සහ ‘බී’ කාණ්ඩ යටතේ ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය.
     
    ‘බී’ කාණ්ඩයේ අවසන් මහා තරගය පසුගියදා පැවති අතර එහිදී තරග කළ ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා කණ්ඩායම පරදා ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු හමුදා කණ්ඩායම වෙත ජයග්‍රහණය හිමි විය.
     
    එමෙන්ම, ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු හමුදා කණ්ඩායම පරදා ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා කණ්ඩායම වෙත ජයග්‍රහණය හිමිවිය.
     
    ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහා තරගය නැරඹීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් සම්මේලනයේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා සහභාගී වි‍ය.  
     
    තරගාවලිය අවසානයේ ජයග්‍රාහකයන් සඳහා කුසලාන සහ සහතිකපත් ප්‍රදානය යුද හමුදාපතිවරයා අතින් සිදු කරනු ලැබීය.
     
    විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ආර්.වී. උඩවත්ත, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ. පෙරේරා, අධ්‍යක්ෂ ජෙනරාල් සැපයුම් හා ප්‍රවාහන මේජර් ජෙනරාල් අජිත් වික්‍රමසිංහ, ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් කේ.ආර්.පී. රොවෙල් මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya