මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ ඔලිම්පික් උළෙලට යන දරුවන්ට ලංකා බැංකුවේ අනුග්‍රහය

    ජූලි 13, 2015
    ජූලි 25දා සිට අගෝස්තු 02 දින දක්වා ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර පැවැත්වෙන විශේෂ ඔලිම්පික් උළෙලට සහභාගී වන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ලංකා බැංකුවේ අනුග්‍රහය යටතේ  රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබා දීම සිදු කෙරිණි.
     
    මීට පෙර අවස්ථා සියල්ලේ දීම ආර්ථික ගැටලු හේතුවෙන් එම උළෙලට සුදුසුකම් ඇති දරුවන් සහභාගී කරවීමට නොහැකි වූ බවත්මුදල් අමාත්‍යවරයා මේ මුදල් ලබා දීම සඳහා සහය දැක්වීමත් සමඟ එම දරුවන්ට සාර්ථකව සිය සංචාරයේ නිරත විය හැකි බවත් විශේෂ ඔලිම්පික් කමිටුවේ ශ්‍රී ලංකා සභාපති ආචාර්ය නිමල් කාරියවසම් මහතා පැවසීය.
     
    පසුගියදා කොළඹ සී.සී.සී. පිටියේ පැවැති උත්සවයකදී මේ මුදල් පරිත්‍යාග කළ අතර දරුවන් 7 දෙනෙකු මෙවර විශේෂ ඔලිම්පික් උළෙල නියෝජනය කරනු ඇත. යාපනයේ දරුවන් දෙනෙකු ඒ අතර වීම විශේෂත්වයකි. දරුවන් සමඟ ඇමරිකාව බලා යන කණ්ඩායමට සාමාජිකයන් 12 දෙනෙකු ඇතුළත් වන අතර ඔවුන්ගේ ගමන් වියදම් සඳහා රුපියල් ලක්ෂ 26ක මුදල් අවශ්‍යව පැවතුණි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya