මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිනිකන්දක් සක්‍රීය වීමෙන් ඉන්දුනීසියානු ගුවන් තොටුපළවල් 5ක් වසා දැමේ

    ජූලි 10, 2015

    ගිනිකන්දක් සක්‍රීය වීම හේතුවෙන්ඉන්දුනීසියාවේ බාලි හා ලැම්බ්රොක් ජනප්‍රිය සංචාරක දූපත් ඇතුළු ගුවන් තොටුපලවල් 5ක් වසා දැමීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගෙන ඇතැයි ගුවන් තොටුපල ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත. 

     

    ‘ගරුඩා ඉන්දුනීසියා‘ ඉන්දුනීසියානු ජාතික ගුවන් සේවය විසින් එහි වසා දැමුණු ඉන්දුනීසායානු ගුවන් තොටුපලේ පැමිණීම් සහ පිටත්වීම් සියලු ගුවන් ගමන් අවලංගු කර ඇති බවට සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇතැයි ‘ද හින්දු‘ පුවත් වාර්තා කරයි.

     

    නැගෙනහිර ජාවා හි පිහිටි Raung ගිනි කන්ද ද සතියකට ආසන්න කාලයක් සක්‍රීය වී තිබීම නිසා බාලි හා ඕස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇත. බාලි දූපත ඕස්ට්‍රේලියානු ජාතිකයන්ගේ ඉහළම සංචාරක ආකර්ශණය දිනාගත් ගමනාන්තයකි.

     

    Raung ගිනි කන්ද සක්‍රීය වීමේ කාල සීමාව මත නැවත ගුවන් තොටුපලවල් විවෘත කිරීම තීරණය ඉ කෙරෙන බව න්දුනීසියානු ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරී ජේ.ඒ. බරාටා පැවසූ බව බීබීසී පුවත් සේවය සඳහන් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya