මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ සංචාරකයින්ගේ සිත් දිනාගැනීමේ උත්සාහයක් කේරලයෙන්

    ජූලි 10, 2015

    ඉන්දියාවේ කේරල ප්‍රාන්තය, ශ්‍රී ලංකාවේ හා චීනයේ සංචාරකයින්ගේ සිත් දිනාගැනීමේ උත්සාහයේ කොටසක් ලෙස කේරලය සහ ශ්‍රී ලංකාව අතර සුඛෝපභෝගී නැව් සේවාවක් ද කේරලය හා චීනය අතර වරලත් ගුවන් ගමන් සේවාවක් ද ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඉන්දියාවේ විශාලතම IANS පුවත් සේවය වාර්තා කර තිබේ.

     

    ඉන්දීය කේරල සංචාරක අමාත්‍ය ඒ.පී. අනිල් කුමාර් මහතා IANS පුවත් සේවයපවසා ඇත්තේ චීනය හා ශ්‍රී ලංකාවේ සිට තව තවත් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට ඔහුගේ දෙපාර්තමේන්තුව උත්සාහය කරන බව .

     

    ශ්‍රී ලංකාවේ සිට පළමු සුඛෝපභෝගී නැව ඔක්තෝබර් 02වෙනිදා කොචි තොටුපොලින් ගොඩබෑමට අපේක්ෂා කෙරෙන අතර චීනයේ සිට වරලත් ගුවන් ගමන් ඉදිරි සංචාරක සමය ඇරඹෙන නොවැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ යැයි කුමාර් මහතා පවසයි.

     

    ඔහු තවදුරටත් පවසා ඇත්තේ කොළඹ සිට පැමිණෙන පළමු සුඛෝපභෝගී නැව කොචි වෙත ළඟා වන අතර පසුව මාලදිවයින වෙත ගමන් කරන බවයි.

     

    සෑම වසරකටම ශ්‍රී ලංකාවේ සිට ලක්ෂ 2.2 ක් පමණ සංචාරකයින් ඉන්දියාවේ සංචාරය කරන නමුත් කේරල ප්‍රාන්තයට ගමන් කිරීම ඉතා අඩු බවත් ඔවුන් ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාව තුළ 'කේරලයට පිවිසෙන්න' (‘Visit Kerala’) යන මැයෙන් සංචාරක ප්‍රචාරන ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya