මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ජනාධිපතිවරයා 07වන බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙයි

    ජූලි 10, 2015

    චීන ජනාධිපති ශි චිං පිං මහතා 07 වන බ්‍රික්ස් සමුළුවට සහභාගි වෙයි. සමුළුව නිරිතදිග රුසියාවේ උෆා නගරයේ පැවැත්වෙයි.

     

    ශි චිං පිං මහතා මෙම වාර්ෂික සමුළුවටසහභාගි වන 3 වන අවස්ථාව මෙය වේ. නැ‍ගගෙන එන වෙළඳපොළ ආර්ථිකයකින් යුත්‍බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු ඇමරිකාව ‍බ්‍රික්ස් සමුළුවටසහභාගි වෙති.


    රුසියානුජනාධිපති ව්ලැඩීමිර් පූටින් පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි, බ්‍රසීල ජනාධිපති ඩිල්මා රුසෙෆ්, දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙකොබ් සුමා‍මෙම වාර්ෂික සමුළුවට සහභාගි වන ප්‍රධානීන් වේ. ගෝලීය සංවර්ධනයේ බලගතුසාධකය හවුල්කාරීත්වය යන්න මෙවර සමුළුවේ තේමාවයි. බ්‍රික්ස් රටවල සහයෝගීතාවර්ධනය පිණිස රටවල් 5 නායකයෝ මෙහිදී අදහස් හුවමාරු කර ගැනීමට නියමිතය.ජාත්‍යන්තර හා කලාපීය කරුණු පිළිබඳව ද මෙහිදී ඔවුන්ගේ අවධානය යොමු වෙයි.නායකයන්ගේ අදහස් වලින් යුත් උෆා ප්‍රකාශනය සමුළුව අවසානයේ නිකුත් කෙරේ.


    බ්‍රික්ස්රටවල නායකයෝ මෙන් ම ශැන් හැයි සහයෝගතා සංවිධානයේ නිරීක්ෂක රටවල සාමාජිකයන්සමඟ ද සාකච්ඡා මෙහිදී පැවැත්වෙයි. එමෙන් ම යුරෝ ආසියා ආර්ථික සංගමය සහඅන්තර් ජාතික සංවිධාන ප්‍රධානින් ද මෙම සමුළුවට එක් වෙති. මෙහිදී බ්‍රික්ස්ආර්ථික හවුල්කාරී උපාය මාර්ගය ඉක්මවා යන නව සැලැස්මක පිටපත බ්‍රික්ස්නායකයන් අතින් සැකසෙනු ඇතැයි චීන උප විදේශ අමාත්‍ය Chen Guo ping මහතාපැවසීය.


    බිරික්ස් නව සංවර්ධනබැංකුවේ අවිනිශ්චිත මූල්‍ය සංචිත සැලසුම් හා චීනයේ සේද මාවත ආර්ථික තීරයමෙන්ම ආසියානු යටිතල පහසුකම් බැංකුව පිළිබඳවත් ධනාත්මක ප්‍රතිඵලයක් මෙමසමුළුවෙන් චීනය අපේක්ෂා කරන බවද උප විදේශ අමත්‍යවරයා පැවසීය. ලබන අඟහරුවාදා(14) වන විට සාමාජික රටවල් බැංකුවේ සමාරම්භය වෙනුවෙන් මූලික ප්‍රාග්ධනයේ තමපංගුව තැන්පත් කරනු ඇත.

     

    CRI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya