මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික තරුණ දින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්

    මැයි 23, 2015
    ජාතික තරුණ සේවා සභාව, තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන ජාතික තරුණ දින සැමරුම් උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) මහරගම ජාතික තරුණ සේවා යොවුන් රගහලේ දී පැවැත්වේ.
     
    1983 මැයි 23දින ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය පිහිටුවීම නිමිතිකොටගෙන සෑම වර්ෂයක ම ජාතික තරුණ දිනය වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති අතර මෙවර ජාතික තරුණ දිනය සඳහා දිවයිනේ සියලු ම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල තරුණ තරුණියන් 1500ක් මෙම අවස්ථාවට සහභාගිවනු ඇත.
     
    තරුණ දින සැමරුම් උළෙලේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සිදුකරනු ලබන අතර, මහාචාර්ය සරත් විජේසූරිය මහතා හා නාලක හේවා මද්දුව මහතා විසින් තරුණ තරුණියන් වෙනුවෙන් දේශන 02ක් පවත්වනු ලබයි.
     
    මෙම තරුණ දින සැමරුම් උළෙලේ දී ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ හිටපු ලේකම්වරු හට මෙන් ම ජාතික මණ්ඩල නියෝජිතයන් හට සම්මාන ප්‍රදානය කිරීමක් ද සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya