නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා ක්‍රිකට් අල්ලස් චෝදනා කමිටු වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයාට

    මැයි 22, 2015
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලිංගික අල්ලස් චෝදනා සොයාබැලීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත භාර දී ඇත.
     
    මේ පිළිබඳ විමර්ශන නිසියාකාරයෙන් නිමකිරීම පිළිබඳ ව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා කමිටු සාමාජිකයන් වෙත සිය ස්තූතිය පුද කර සිටියි. 
     
    එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායමේ කළමනාකාරීන් කිහිපදෙනෙකුට විරුද්ධව තිබූ චෝදනා සනාථ වී ඇති අතර ඔවුන්ට එරෙහි ව විනය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යතුමන් කටයුතු කරන බව පැවසීය.
     
    තවද ක්‍රීඩා අමාත්‍යංශය ලැබී ඇති කමිටු සාමාජිකයන්ගේ නිර්දේශ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙත ඉදිරිපත් කර ඊට අනුකූලව ක්‍රියාකිරීමට උපදෙස් ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.  
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya