මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියාතික යොවුන් මළල ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනූවන්ට මුදල් ත්‍යාග

    මැයි 22, 2015
    කටාර්හි පැවති පළමුවන ආසියාතික යොවුන් මළල ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ජාතික ක්‍රීඩා අරමුදලෙන් මුදල් ත්‍යාග ලබාදීමේ උත්සවය ඊයේ (21) ක්‍රීඩා අමාත්‍යංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
     
    ඒ අනුව මීටර් 400 කඩුලු පැනීම කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් එම්. යමානි දුලාංජලී ශිෂ්‍යාවට රුපියල් ලක්ෂ තුනක් ද, මීටර් 400 කඩුලු පැනීම පිරිමි ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් එච්.යූ.කේ. දර්ශන ශිෂ්‍යයාට රුපියල් ලක්ෂ දෙකක් ද, තුන්පිම්ම ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් චමල් කුමාරසිරි ශිෂ්‍යයාට රුපියල් ලක්ෂ දෙකක් ද, උසපැනීම ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් රොෂාන් ධම්මික ශිෂ්‍යයාට රුපියල් ලක්ෂ දෙකක් ද පිරිනැමිණි.
     
    එම අවස්ථාවේදී සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා අතින් එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට මුදල් ත්‍යාග පිරිනැමූ අතර එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇමතිතුමා හා තම පුහුණුකරුවන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya