මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් රාජධානියේ උද්ධමන අනුපාතය ඍණ අගයක

    මැයි 20, 2015

    වසර 55කට පසුව මෙම අප්‍රේල් මාසයේ දී එක්සත් රාජධානියේ උද්ධමනය පළමු වරට වාර්තා සහගත ලෙස  සියයට -0.1 අනුපාතය දක්වා පහළ ගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

     

    ඓතිහාසික ඇස්තමේන්තු මත පදනම්ව සැසදීමේ දී, 1960 වසරේ සිට පාරිභෝගික මිල දර්ශකය (CPI) සෘණ උද්ධමනයක් ලද ප්‍රථම අවස්ථාව මෙය බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය සඳහන් කර ඇත.

     

    ගුවන් හා මුහුදු ගාස්තු පහත වැටීම උද්ධමනය පහළ වැටීම සඳහා විශාල වශයෙන් බලපා ඇති බව විදෙස් මාධ්‍ය දත්ත තොරතුරු අනාවරණය කරයි.

     

    එංගලන්ත මහ බැංකු අධිපති මාර්ක් කානි පවසන්නේ එක්සත් ජනපදයේ උද්ධමනය මීළඟ මාස කිහිපය තුළ ඉතා අඩු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවයි.

     

    නවතම උද්ධමන දත්ත වාර්තා අනුව පසුගිය වසරේ අප්‍රේල් මාසයට වඩා මෙම වසරේ අප්‍රේල් මාසයේ දී සියයට 3කින් ආහාර මිල අඩු වූ අතර ප්‍රවාහන වියදම් ද සියයට 2.8කින් අඩු වූ බව පෙනෙන්ට ඇත.

     

    චාන්සලර් ජෝර්ජ් ඔස්බෝන් මහතා මෙම උද්ධමනයේ දත්ත "හානිකර අවධමනය"ක් ලෙස වරදවා වටහා නොගත යුතු බවයි.

     

    පසුගිය වසරේ තෙල් මිල ගණන් පහළ වැටීම සාමාන්‍ය පවුලේ අයවැයට සහනදායී ලෙස බලපෑම් එල්ල කර ඇති අතර එමඟින් වැටුප් මට්ටම ඉහළ යාම නිසා ජීවන වියදම අඩු වී ඇති බව ඔස්බෝන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

     

    සත්තකින්ම, අවදානම් අවධමනයක් ඇති වීමට ඇති හැකියාව පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව ඔස්බෝන් මහතා පවසා ඇත.

     

    නවතම උද්ධමන අගය පිළිබඳව සරල හැඳින්වීමක් කළහොත්, ‘2014 අප්‍රේල් මාසයේ දී පවුම් 100ක් වූ භාණ්ඩ හා සේවා කූඩයක් සඳහා මෙම වසරේ අප්‍රේල් මාසයේ දී වැය කළ යුතු වන්නේ පවුම් 99.90ක් පමණකි‘ යන්නයි.

     

    අවසන් වරට පාරිභෝගික මිල දර්ශකය (CPI) උද්ධමන ඇස්තමේන්තු අනුව, එහි සෘණ අගයක් සටහන් වූයේ 1960 මාර්තු මාසයේ දී, මිල ගණන් සියයට 0.6කින් අඩු වූ විට යි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya