මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ක්‍රීඩා කෞතුකාගාරය ඉදිකිරීම් අද ඇරැඹේ

    මැයි 20, 2015

    ජාතික ක්‍රීඩා කෞතුකාගාරයේ ඉදිකිරීම් අද (20) පෙරවරු 9.00ට ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

     

    අනාගත පරපුරට ක්‍රීඩාවේ හරයන් පිළිබඳව දැනුවත් කිරීම, කුසලාන සිහිවටන මෙන්ම දෙස් - විදෙස් කීර්තියට පත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජීවමාන ඉටි රූප හා ක්‍රීඩා ලිපි ලේඛන ප්‍රදර්ශනය හා සංරක්ෂණය කිරීම අරමුණින් මෙම ක්‍රීඩා කෞතුකාගාරය ඉදි කිරීමට නියමිතය.

     

    නිදහස් චතුරස්‍රය ඉදිරිපිට පිහිටි අභාවප්‍රාප්ත එෆ්.ආර්.සේනානායක මහතාගේ පාරම්පරික නිවසේ ඉදිකරන ජාතික ක්‍රීඩා කෞතුකාගාරය භාෂා තුනෙන්ම දැනුම ලබාදෙන අයුරින් ගොඩනැගීම විශේෂත්වයකි.

     

    මෙයට සමගාමීව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වංශ කතාව තේමාව කොටගත් ග්‍රන්ථයක් එළි දැක්වීමට ද කටයුතු යෙදේ. ප්‍රවීණයන් පිරිසකගෙන් සැදුම්ලත් මණ්ඩලයකින් මෙම ග්‍රන්ථය නිර්මාණය කෙරේ.

     

    ජාතික ක්‍රීඩා කෞතුකාගාරය මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම දැනුම සොයන පාසල් සිසු දරු දැරියන්ට විශාල ප්‍රයෝජනවත් අත්දැකීමක් වනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya