මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර ගෝල්ඩ් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මඩකළපුවේ සිවානන්දා විද්‍යාලයට

    මැයි 18, 2015

    නැගෙනහිර ගෝල්ඩ් කණ්ඩායම් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පසුගිය සෙනසුරාදා (16) මඩකළපුවේ කල්ලඩි උප්පෝඩයි සිවානන්දා විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

    කල්ලඩි උප්පෝඩයි සිවානන්දා විද්‍යාලයේ විදුහල්පති කේ. මනෝරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් තරගය ආරම්භ විය.

     

    මඩකලපු කල්ලඩි උප්පෝඩයි සිවානන්දා විද්‍යාලය සහ ත්‍රිකුණාමළයේ කෝනේෂ්වරා හින්දු විද්‍යාලය අතර මෙම තරගය පැවැත්වූ අතර සිවානන්දා විදුහල ජය හිමි කරගත්තේය.

     

    කාසියේ වාසිය දිනාගත් සිවානන්දා විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පැමිණි අතර පන්දු වාර 50 අවසානයේ ලකුණු 230ක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හින්දු විද්‍යාලය පන්දුවාර 49 පන්දු 3කදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 174ක් රැස් කළේය. ඒ අනුව ලකුණු 56කින් මඩකළපුවේ කල්ලඩි උප්පෝඩයි සිවානන්දා විද්‍යාලය තරගාවලියේ ශූරතාව හිමි කර ගත්තේය.

     

    නැගෙනහිර පළාතේ පාසල් 22ක් අතර පැවති මෙම තරගාවලියේ දී ත්‍රිකුණාමළයේ කෝනේෂ්වරා හින්දු විද්‍යාලය තරග 12ක් ජයගත් අතර මඩකළපුවේ කල්ලඩි උප්පෝඩයි සිවානන්දා විද්‍යාලයට ජය ගත හැකි වූයේ තරග 10ක් පමණක් වීම ද විශේෂත්වයකි.

     

    SDF/LDA_dmu_Batti

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya