මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තමිල්නාඩු කඳවුරුවල සිටි ශී‍්‍ර ලාංකික සරණාගතයන් යළි දිවයිනට

    මැයි 15, 2015
    තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල 1990 වසරේ සිට රැඳී සිටි ශී‍්‍ර ලාංකික දමිළ සරණාගතයන් 65 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පෙරේදා (13) දිවයිනට පැමිණ ඇත.
     
    මේ පිරිස මදුරාසි සහ තිරුචි සිට මෙලෙස ගුවන් මඟින් පැමිණ ඇතැයි ද නිව් ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත වාර්තා කර තිබේ.
     
    එසේම මෙම සරණාගතයන් කණ්ඩායමට යළි ශී‍්‍ර ලංකාවට පැමිණීම සඳහා සියලු පහසුකම් හා අවශ්‍ය විධිවිධාන සලසාදීමට කි‍්‍රයාකර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසිනි.
     
    මොවුන් දිවයිනට පැමිණිමෙන් පසුව ආරක්ෂක පරීක්ෂාවකට ලක්කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මුල් ගම්බිම් වූ යාපනය, මන්නාරම, වව්නියාව හා ත්‍රීකුණාමලය යන දිස්ති‍්‍රක්ක සඳහා බස්රථ මඟින් පිටත් කර යැවීමට කටයුතු කර තිබේ.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya